ජනප්‍රිය ගායක Gotyeගේ "Somebody That I Used to Know" ගීතය හරහා ජනප්‍රිය වූ චිත්‍ර ශිල්පිනියක වන එමා හැක්ගේ නවතම චිත්‍රය තවමත් යූටියුබ් සමාජ ජාලයේ මිලියන 500කට අධික ප්‍රමාණයක් නරඹමින් කැළඹුමකට පත් කර තිබෙන අතර, මෙහි නවතම ආන්දෝලනාත්මක පුවත වන්නේ ඇය මෙම නිරුවත් චිත්‍රය සැබෑවට චිත්‍රයට නැගීමට සජීවීව සූදානම් වන බවට ප්‍රකාශ වීමයි.
පැය පහළොවක පමණ කාලයක් පුරා සිදුවීමට නියමිත මෙම ඔස්ට්‍රේලියානු ජාතික කලාකාරිනියකගේ සජීවී ප්‍රදර්ශනය, තවත් ඇගේ නිර්ණාමික නිර්මාණ රැසකින් සමන්විත වීමට නියමිතය.
ඒ අනුව නිරූපිකාවක් නිරුවත් කරමින් බ්‍රිතාන්‍යයේ රෙබෙකා හොසැක් කලාගාරයේදී සජීවීව සිතුවමකට නැගෙන මෙහි පසුබිම බවට පත්වන්නේ එහි බිත්තියයි. එනම් ඇගේ අලුත්ම අත්හදා බැලීමට අනුව සජිවීව නිරූපිකාවකගේ සිරුරක් වර්ණවත් වන අතර, එහි පසුබිම ලෙස කලාගාරයේ බිත්තිය සෙසු කොටස්වලින් ආවරණය වනු ඇත. කෙසේවෙතත් පළමුව මෙයට තරමක් පසුගාමී අවධියක සිටි ඇය එයට හේතුව ලෙස දක්වන්නේ සජීවිව එය මහජනයා ඉදිරියේ ඉටුකිරීම පිළිබඳ තිබුණු අනියත බියයි. එහෙත් ඇය රූප රචනා ක්ෂේත්රයේ සැලකෙන්නේ නිරූපිකාවන් වර්ණවත් කිරීමේ සහජ දක්ෂතාවයකින් යුත් නිර්මාණ ශිල්පිනියක් ලෙසයි.
මාලන් විදානපතිරණ