රටට ඉතාම වැදගත් ලොකුම තැනක ඉන්න ලොකුම ලේකම් සයිස් මහත්තයකුගෙ ක්‍රියාකලාපෙට එරෙහිව වැඩක් සැට්වේගන යන බව පේනව..
මුන්නැහේ සමහර මාද්දිය ආයනවලට එහෙම ගිහිල්ල ආයතනෙ ලොකු ලොක්කො නැතුව සේවක රුස්වීම් එහෙම තියමින් ආයතන පාලකයන් හෑල්ලු කිරීමට එරෙහිවලු සටන ගෙනියන්නෙ. මේ සටනට දැනටම ආයතන ප්‍රධානීන් හත් අට දෙනෙක් එකතුවෙලා මීටිමකුත් තිබ්බ කියලයි ආරංචි... ඒකෙදි ගත්ත තීරණය වුණේ මීට පස්සෙ ඔය හිතුවක්කාර ලේකම් තැනට තමන්ගෙ ආයතනවල හතර මායිමේ පස් පාගන්න නොදීම කියලත් කියනවා...
කොහොමත් "අර්බුදකාරී" වැඩ වලට නම් දැරෑ මේ ලේකම් තැන ගිය රජය කාලෙ එක පාරක් මාධ්‍ය ආයතනෙක ලොක්කෙක් වෙලා ඉඳල එතෙන්දි ගෝරියකට පැටලිලා, කස්ටියක් මුන්නැහේට හොඳට "නෙලුව".. මේ ඊයෙ පෙරේදා අලුත් පුටුවට ආපු ගමනුත් වැරදි ලියුමක් ගහල හත් පළේ ගාගත්තලු..
ඉතින් දැන් ඇතිවෙලා කියන අලුත්ම තත්ත්වෙ ගැන රටේ දෙවැනි මහත්තයට ලොකු කම්ප්ලේන් එකක් දාන්න ආයතන ප්‍රධානීන් ලෑස්තිවෙනවලු.