සති කිහිපයකට පසු සෞඛ්‍ය ඇමැති කැබිනට් රැස්වීමට


සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අද සති කිහිපයකට පසු කැබිනට් රැස්වීමට සහභාගී විය.

සෙසු ඇමැතිවරු ඔහු සාදරයෙන් පිළිගනු ලැබූහ.

සිංගප්පූරුවේ දී හදවත් සැත්කමක් සිදු කිරීමෙන් පසු ඇමැතිවරයා සති කිහිපයක් එහි ප්‍රතිකාර ලබා පසුගියදා ලංකාවට පැමිණියේය.