සනත් නිශාන්තට චෝදනා ගොනු කරන්න කල් දෙයි


(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීම සඳහා  අභියාචනාධිකරණය, නීතිපතිවරයාට ලබන ජනවාරි 17 වැනිදා දක්වා කල් ලබා දී තිබේ.

බන්දුල නිශ්ශංක කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණින.

සිරස සහ ශ්‍රී ලංකා පොදු පෙරමුණ මාධ්‍ය ඒකකයේ වීඩියෝ පට ලැබී නොමැති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අභියාචනාධිකරණයට දැනුම් දීමෙන් පසු මෙසේ නියෝග කළේය.