කාලයක් සිරගතව සිටි සන්ජේ දත් දැන් නිදහසේ කාලය ගෙවන අතර, ඔහුගේ 57 වැනි උපන්දින සාදය පසුගියදා පැවැත්විණි. සිය පවුලේ පිරිසගේ දායකත්වයෙන් තමන්ගේ උපන්දියන සැමරීමට හැකිවීම පිළිබඳව බොහෝ සතුටට පත්වන බව සන්ජේ දත් පවසා තිබේ. ඔහුට පසුගිය අවුරුදුවල සිය පවුලේ උදවිය සමග තම උපන්දිනය සැමරීමටද හැකියාව නොතිබුණු බවද සඳහන් වෙයි. ඊට අමතරව ඔහුගේ උපන්දිනය වෙනුවෙන් Audi Q7 ත්‍යාගයක් ලබාදීමට ඔහුගේ බිරිඳ වන මන්යාතා දත් කටයුතු කර තිබුණි.