සන්ධානේ අත ලකුණ ගන්න හැඩයි


ඉදිරි මැතිවරණ වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලකුණ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලකුණ වු  අත බවට පත් කිරිමට ඉඩ ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කුරුණෑගල මහගෙදර  නිවාඩු නිකේතයේ අද (26)  මාධ්‍ය හමුවක් අමතමින් කීවේය.

ඒ පිළිබඳ මේ වන විට  සන්ධානයේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කර ඇති බවත්  එම පක්ෂ නායකයන් ඒ සඳහා කැමැත්ත පළ කර  ඇති බව අමරවීර මහතා සඳහන් කළේය.