පසුගියදා (මාර්තු 24දා) සනී ලියෝන්ගෙන් ඉන්දියානු මාධ්‍යවේදියෙක් ගාණ අහලා. මෙම සිදුවීම වෙලා තියෙන්නේ ඉන්දියාවේ ගුජ්රාට් ප්‍රාන්තයේ ඇය නතර වෙලා හිටිය හෝටලයේ උත්සවයකට සහභාගී වීමේදීය. එම උත්සවයේදී බීමත්ව හිටපු මාධ්‍යවේදියෙක් ඇයගේ "රාත්‍රී රූගත" කිරීමකට කොපමණ මුදලත් අය කරනවාද යන්න අසා ඇත. ඊට අමතරව ඇයගෙන් තවත් අසභ්‍ය ප්‍රශ්නද අසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එහිදී එම උත්සවයේ සංවිධාකයන්ට එම මාධ්‍යවේදියාව ඉවත් කරන ලෙස කියා සිටියත් එය සිදු වූ නොමැති හෙයින්, ඇය එතැනින් ඉවත් වී තම කාමරය වෙත ගොස් ඇත. එම මාධ්‍යවේදියාද එම කාමරයට බලෙන් ඇතුලට යාමට උත්සහ කර ඇත. මෙම සිදුවීම පිළිබඳ කිසිඳු පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් නොකරන බවද සනී ලියොන්ගේ සැමියා ප්‍රකාශකර තිබේ. ඉදිරියේදී කුමන හෝ කාරණාවක් සඳහා ගුජ්රාට් ප්‍රාන්තයට පැමිණීමට පෙර දහස් වතාවක් සිතන බවට ඇය ප්‍රකාශ කර තිබේ.