සබරේ 17 කට පන්ති තහනම් : නවකවදය දීලා


පළමු වසර සිසුන්ට නවකවදය දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් 17 දෙනෙක් තාවකාලික පන්ති තහනමකට ලක් කළ බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් 27 වැනි දා නව ශිෂ්‍ය ආපන ශාලාවේදී නවක සිසුන්ට නවකවදය දුන්නැයි ද , එම තත්වය වැළැක්වීමට ගිය ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි ඔවුන්ට බැන වදිමින් පහරදීමට උත්සාහ කළැයි කියන සිද්ධියකට තහනම ලබාදී ඇති බව කියති.

‍කළමනාකරණ පීඨයේ දෙවැනි වසර සිසුන් 15 දෙනෙකු හා සමාජයීය විද්‍යා හා භාෂා පීඨයේ සිසුන් දෙදෙනෙකුටමේ අනුව තහනම පනවා  ඇත.