සමයන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි


පසුගිය නොවැම්බර් 23 වැනිදා  කඩුවෙල උසාවියට ගෙනඑද්දී සමයන් නමැති සැකකරුට වෙඩි තබා තුවාල කළ බව කියන පුද්ගලයාට නවාතැන් දුන් බව කියන ‘මුදලාලි‘ ට රණාලේ වෙළේ කඩේ හන්දියේදී පසුගිය පෙබරවාරි 23 වැනිදා වෙඩි තැබූ බව කියන චමින්ද නාරම්මල උහුමියේදී පොලිස් අත්අඩංගුවට ගත් බවත් ඔහු සමග සිටි ඌරුජුවා අධිකරණයට බාරවී ඇති බවත් පොලිසිය පවසයි.

සමයන් සමග බන්ධනාගාර රියෙන් ගෙන එද්දී වෙඩි තැබීමෙන් පසුව පැන ගිය මෙම දෙදෙනා නොයෙක් තැන්වල සැඟවී සිටි බවත් පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා සමයන්ගේ ගෝලයන් බව කියති.

මෙම සිද්ධියත් සමග පාතලයේ කියුම් කෙරුම් රැසක්ම හෙළි වන්නට පටන්ගෙන ඇතැයි පොලිසිය කියයි.