සම්මානනීය "Amadeus", "Equus" වැනි සිනමා නිර්මාණයන්ගේ තිර රචනයන් ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනාගත් සම්මානලාභී බ්‍රිතාන්‍ය ජාතික නාට්‍ය සහ තිර රචක සර් පීටර් ෂේෆර් "Peter Shaffer" පසුගිය සඳුදා දිනයේ මිය ගිය බව ඔහුගේ දිගුකාලීන නියෝජිතයා ප්‍රකාශයට පත්කොට ඇත. මිය යන විට 90 වැනි වියේ පසුවූ ඔහු නියුමෝනියාව සහ වයස්ගත වීම ආශ්රිත සෞඛ්‍ය ගැටලුවලින් පෙලුණු බවද ඔහු ප්‍රකාශයට පත්කොට ඇත. 1926 මැයි 15 දින එංගලන්තයේ ලැන්කෂයර්හි ලිවර්පූල් ප්‍රදේශයේදී උපත ලද පීටර් ෂේෆර් ලන්ඩනයේ කේම්බ්‍රිජ් හි අධ්‍යාපනය ලැබූ අතර, ඔහු සිය වෘත්තිය ආරම්භ කරනු ලැබූවේ 1954 දීය. "The Private Ear" සහ "The Public Eye" වැනි නාට්‍ය නිර්මාණයන්ගේ තිර රචනය සඳහා ප්‍රකට වූ පීටර්ගේ 1975 "Equus", 1981 "Amadeus" සිනමා නිර්මාණ ඔස්කා සම්මානය ඇතුළු සම්මාන උලෙළ රාශියකම ඇගයීමට ලක්විය.
අනුෂි දන්තනාරායන