ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර දෑ අවුරුදු සම්මුති ආණ්ඩු ගිවිසුම වසර පහක් දක්වා දික් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අද පාර්ලිමේන්තු මන්දිරයේ ජනමාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ සඳහා ගිවිසුමට පසුව අත්සන් කරන බව ද ඔහු කීවේය.
“මේ ජාතික ආණ්ඩුව හැදුවේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි. එයයි අපේ ප්‍රධාන අරමුණ. අපි එය නැවත සිහිපත් කරගත යුතුයි. කණ්ඩායමකට ඇමැති කම් ගන්න, පුද්ගල යහපත උදෙසා ජාතික ආණ්ඩුව හැදූ බවට බොහෝ පිරිස් චෝදනා කරනවා. අපි මේ ජාතික ආණ්ඩුවේ හැදුවේ රටේ ජනතාවට සේවය කරන්න. එය අපි නැවත නැවත සිහිපත් කළ යුතුයි.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක