සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණගුප්ත ගුණවර්ධනගේ ධුර කාලයේ දී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාහන කුලී පදනම මත ගැනීමේ දී රජයට පාඩු කළැයි කියන නඩු නවයෙන් දෙකක පැමිණිල්ල සංශෝධනය කිරිමෙන් පසු සියලු නඩු දෙසැම්බර් 06 වැනි දා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණී ආටිගල මහත්මිය අද (23) නියෝග කළාය.