සරත් වීරවංශ අසනීපෙන් : පොලිසිය හිස්අතින් එයි


ජාතික නිවාස අධිකාරියේ සහ ජනාධිපති ලේකම් කාර්යයාලයේ වාහන අලෙවි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන සරත් වීරවංශ සොයා මූල්‍ය අපරාධ කොට්ඨාශයේ කණ්ඩායමක් අද (12) ඔහුගේ පැනදුර නිවසට ගිය ද ඒ මහතා අසනීපෙන් පසුවීම නිසා හැරී ආ බව පොලිසිය කියයි.

රජයේ වාහන 12 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ප්‍රකාශයක්ගන්නට පොලිසිය එහි ගියේය.