සරසවි 8 කට කෝටි 137 ක්


ශ්‍රී ලංකාවේ සරසවි අධ්‍යාපනය ලබන පිරිස වැඩි කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වන පිරිස වාර්ශිකව 5% බැගින් වැඩි කිරීමටත් එසේ ඇතුලත් වන පිරිසට සරිලන ලෙස යටිතල පහසුකම් සැලසීමට 2016 වසරේ වෙන් කර ඇති රුපියල් මිලියන 1369 ක ප්‍රතිපාදන යොදාගනිමින් එම වැඩකටයුතු ආරම්භ කිරීමට කැබිනට් අනුමාතිය ලැබී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව,යාපනය, කැලණිය, කොලඹ, පේරාදෙණිය යන විශ්ව විද්‍යාල වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ඌව වෙල්ලස්ස, සබරගමුව හා අග්නිදිග යන සරසවි වල තාක්සණ විද්‍යාපීඨ ආරම්භ කිරීම මේ යටතේ සිදු කැරෙයි.

2017 හා2018 වර්ෂ සඳහා මුදල් ප්‍රතිපාදන මහාභාණ්ඩාගාරයෙන් වෙන් කර ගැනීමට ද අනුමැතිය ලැබී ඇත.