සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ කබීර් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය වන "ටියුබ්ලයිට්" සඳහා මේ වනවිට නිළියක් සොයමින් සිටින බවට තොරතුරු ලැබෙනවා.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මේ වනවිටත් සල්මන් කැමැත්ත ලබා දී ඇති අතර, කබීර් ඛාන් අධ්‍යක්ෂණය කළ "එක්තා ටයිගර්" චිත්‍රපටයේ රඟපෑ කත්රිනා කයිෆ්ට මෙම චිත්‍රපටයේ සල්මාන් ඛාන් සමගින් රඟපෑමට ආරාධනා කර ඇතිමුත් ඇය ඒ සම්බන්ධව මේ වනවිටත් නිශ්චිත පිළිතුරක් ලබා දී නොමැති බවයි සඳහන් වෙන්නේ.
"එක්තා ටයිගර්" චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වූ අතර, ඒ නිසාම කබීර් සිය අලුත්ම චිත්‍රපටයටද සල්මාන් හා කත්රිනා කයිෆ් සම්බන්ධ කරගැනීමට තමා උත්සාහ ගෙන ඇති අතර එය ව්‍යාර්ථ වීම නිසා දැඩි කණස්සල්ලයකින් පසුවෙන බවටද තොරතු වාර්තා වෙනවා. කෙසේ වෙතත්, ඔහු ඇතුළු "ටියුබ්ලයිට්" චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ඉදිරියටත් කත්‍රිනාව සම්බන්ධ කරගැනීමට සූදානමින් සිටින බවට මෙම තොරතුරු තවදුරටත් වාර්තා කරනවා.