මේ දිනවල බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්වන සිනමා නළුවා බවට පත්ව සිටින සුපිරි නළු සල්මාන් ඛාන් ඉදිරියේදී නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති "රේස්" තුන්වැනි චිත්රපටයට එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වෙනවා.
ලැබෙන තොරතුරුවලට අනුව සල්මාන් මෙහි දුෂ්ට චරිතයක් සඳහා එක්වන බවත් ඔහු සමග සායිෆ් අලී ඛාන් හා පරිනීතා චොප්රාද රංගනයෙන් දායකත්වය සපයනවා. 2001 වසරේදී තිරගත වූ "හම් සාත් සාත් හේ" චිත්රපටයෙන් පසුව බොලිවුඩ් චිත්රපටයක පළමු වතාවට සායිෆ් හා සල්මාන් පෙනී සිටීම විශේෂත්වයක් වනවා.
සල්මාන් ඛාන් සිය අලුත්ම චිත්රපටය වූ "ටියුබ්ලයිට්" චිත්රපටයෙන් පසුව "රේස්" තුන්වැන්නේ රූපගත කිරීම් කටයුතුවලට එක්වෙන බවත්, චිත්රපටය බොහෝවිට ලබන වසරේදී තිරගත කරන්නට සැලසුම් කර ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්.