පසුගිය වසරේ විවාහ වූ සල්මාන් ඛාන්ගේ නැඟණිය වූ ආර්පිතා ඛාන් පසුගියදා සිය පළමු දරුවා බිහි කරනු ලැබීය. දිනක් දෙකක් ගෙවුණද තවමත් මේ පුවත උණුසුම් අන්දමින් අන්තර්ජාල වෙබ් අඩවි වල වාර්තා වමින් පවති. ආර්පිතා ඛාන්ට හා අයුෂ් ෂර්මාට දාව උපන් මේ දරුවාට 'අහිල්' ලෙස මේ වනවිට නම් තබා තිබෙන අතර, ඔහු දැනට සල්මාන්ගේ 'මුම්බායි'හි මහ ගෙදරට පැමිණ සිටින බවට තොරතුරු ලැබේ.
මෙම දරුවා උපත ලැබූ දිනයේදී ආර්පිතාගේ සහෝදරයා වූ සල්මාන් ඛාන් සිය අලුත්ම චිත්රපටය වූ 'සුල්තාන්^ හි රූපගත කිරීමකට එක්ව දැඩි ලෙස කාර්යබහුලව සිටි නමුදු, දරුවා ලැබුන පුවත අසා ඔහු සියලු රූපගත කිරීම් නවතා ආර්පිතා හා %අහිල්^ දරුවා බැලීමට මුම්බායි නගරයට පැමිණ ඇත.
සල්මාන් මෙන්ම ඔහුට හිතවත් බොලිවුඩ් තරු කිහිපයක්ද 'අහිල්' ලැබී මොහොතක් ගෙවෙන්නට පෙර ඔහු බැලීමට රෝහලට පැමිණ සිටි අතර, ඔවුන්ගෙන් දෝතපුරා තෑගිද ලැබුණ බවද සඳහන් වේ. බොලිවුඩ් තරු ගෙනා තෑග වලට වඩා අමතක නොවන තෑග්ගක් පිරිනැමීමට සල්මාන් කටයුතු කර තිබුණ අතර, ඒ අලුතින්ම නිෂ්පාදනය කළ BMW මෝටර් රථයකි. 'අහිල්' උපත ලැබු පෞද්ගලික රෝහලෙන් නික්ම සල්මාන් පදිංචි මුම්බායිහි ඛාන් පවුලේ මහගෙදරට ගියේද සල්මාන් දුන් මේ අගනා මෝටර් රථයෙන් බව සඳහන් වේ.