සල්මාන් ලුලියා එක්ක 'සුල්තාන්' බලයි


20160711Edit

ජූලි 06 වැනිදා මුම්බායිහි කොඩැක් ශාලාවේ පැවැති "සුල්තාන්" චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන සල්මාන් ඛාන් හා ඔහුගේ පෙම්වතිය වන රුමෙනියානු නිරූපිකා ලුලියා වැන්තර්ද එක්වූ බව සඳහන් වෙනවා.

පසුගිය කාලයේ මොවුන් දෙදෙනා විරසක වූ බවට කටකතා පැතිර ගියමුත් එම කට කතා අසත්‍ය බවට පත් කරමින් සල්මාන් ලුලියා සමගින් "සුල්තාන්" මංගල දර්ශනය නැරඹිමට පැමිණ සිටියා.

"සුල්තාන්" මංගල දර්ශනය නැරඹීමට බොහෝ බොලිවුඩ් තරු ප්‍රමාණයකට ආරාධනා කර තිබුණද සල්මාන්ගේ සමිපතම මිතුරෙකු වූ සංජය දත් නොපැමිණීමද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ කාරණයක්ද වුණා. එමෙන්ම සල්මාන්ගේ සමකාලීන මිතුරෙකු වූ ගෝවින්දාද මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹිමට පැමිණි සිටිමුත් ඔහු සල්මාන් සමග වැඩි කතාබහකින් තොරව අනුෂ්කාට පමණක් සුබපතා දර්ශන ශාලාවෙන් පිටත්ව ගිය බව සඳහන් වෙනවා.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට ප්‍රචාරක කටයුත්තක් සඳහා ජනප්‍රිය "කපිල් විත් කොමඩ්" වැඩසටහනටද සල්මාන් එක්වූ අතර, එහිදිද ලුලියා, සල්මාන් සමගින් සිටි බවටද තොරතුරු වාර්තා වෙනවා. එමෙන්ම හර්යානා ප්‍රදේශයේ පැවැති තවත් එක්තරා ප්‍රචාරක කටයුත්තක් සඳහා ලුලියා, සල්මාන් සමගින් එක්ව සිටි බව සඳහන්.

 

2016-07-07-ent-82