සල්මාන් විවාහ වෙනවට 'ඩේෂි' අකැමැතියි


20160517Desi-1සල්මාන් ඛාන්ගේ නිෂ්පාදනයක් වූ 'ජායි හෝ' චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඩේෂි ෂා සල්මාන් ඛාන්ගේ විවාහය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් පසුගියදා සිදුකොට ඇත. එක්තරා වෙබ් අඩවියක් සමගින් එක්වෙමින් ඩේෂි පවසා ඇත්තේ සල්මාන් හැමදාම තනිකඩව සිටිනවාට තමා දැඩි කැමැත්තකින් පසුවෙන බවය. සල්මාන් විවාහ නොවෙන්නේ නම් තමාද විවාහය අත්හරින බව ඇය මෙහිදි වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

කෙසේ වෙතත්, මේ වනවිට සල්මාන් හා ලුලියා වැන්තර්ගේ විවාහය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ස්ථිර කරගෙන තිබේ. %ජායි හෝ^ චිත්‍රපටය තිරගත වූ 2015 වසරේ ජනවාරියේ මාසයේදී සල්මාන් හා ඩේෂි අතර ආදර සම්බන්ධයක් පවතින බවටද රාවයක් පැතිර ගිය අතර, සල්මාන් මෙන්ම ඩේෂිද එම කට කතා ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරනු ලැබීය.