සල්මාන්ට විශේෂ චරිතයක්


2016-08-08-ent-51

යොවුන් නළු වරූන් ධාවන් යොදා ඉදිරියේදී නිර්මාණ කිරීමට සැලසුම් කර ඇති "ජුඩ්වා" දෙවැනි චිත්‍රපටයේ විශේෂ චරිතයක් %ජුඩ්වා^ පළමු චිත්‍රපටයට පෙනී සිටි සල්මාන් ඛාන්ට ලබා දීමට එහි අධ්‍යක්ෂක ඩේව්ඩ් ධාවන් කටයුතු කර තිබෙනවා. වරූන් ධාවන්ගේ පියා වන ඩේව්ඩ් ධාවන් මෙම චිත්‍රපටය ලබන වසරේ අගදි ප්‍රදර්ශනය කිරීමටද සැලසුම් කර තිබෙන බව සඳහන්.

"ජුඩ්වා" දෙවැනි චිත්‍රපටය සඳහා සල්මාන්ට මුලින් ආරාධනා කර තිබුණ අතර, ඔහු එම චරිතය ප්‍රතික්ෂේප කිරීමත් සමග එම චරිතයට සායිෆ් අලී ඛාන් තෝරාගත් බවටද තොරතුරු වාර්තා වුණා. එහෙත්, පසුව ඩේව්ඩ් ධාවන් මෙම චිත්‍රපටය සිය පුත් වරූන් යොදා නිර්මාණය කිරීමට පසුව අදහස් කර තිබෙනවා.

වරූන් සමගින් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ප්‍රධාන නිළිය මෙන්ම සෙසු චරිත පිළිබඳව මේ වනවිට මාධ්‍යය දැනුම්වත් නොකර ඇති අතර, ශ්‍රද්ධා කපූර්, පරිනීති චොප්රා, ක්‍රිත් ෂැනොන්ගේ නම් මෙහි ප්‍රධාන නිළි චරිතයට තෝරා ගන්නා බවට මේ වනවිට ඉඟිපළ වී තිබෙනවා.

 

2016-08-08-ent-50