ස්ටීවන් ස්පිල්බර්ග් යනු ලොව සුපරි චිත්රපට අධ්යක්ෂකවරයෙක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඉන්දියානා ජොන්ස්, ද ලොස්ට් වර්ල්ඩ් ජුරාසික් පාර්ක්, ලින්කන්, ට්රාන්ෆෝමර් වැනි චිත්රපට වල අධ්යක්ෂකවරයා වන්නේද මොහුය. එම නිසා මොහු විසින් අධ්යක්ෂණය කරනු ලබන චිත්රපටයක් මෙම වර්ෂයේ කුමන මාසයේ එළිදැක්වීමට කටයුතු කරන්නේද යන්න බොහෝ දෙනා බලා සිටි කාරණයකි.
එම බලාපොරොත්තු සඵල කරමින් අලුත් චිත්රපටයක් The BFG නම් චිත්රපටය එළිදැක්වීමට සූදානම්ය. රෝල්ඩ් ඩාල් විසින් රචිත ග්රන්ථයක් ඇසුරෙන් නිර්මාණය වන මෙය ජූලි 1 වැනිදා එළිදැක්වීමට නියමිතය. මනක්කල්පිත කතා ඇසුරෙන් චිත්රපට ලෝකය වෙනස් මඟකට ගෙන යාමට උත්සහ කරන ස්ටීවන්ගෙන් නිර්මාණය වන මෙම වසරේ පළමු චිත්රපටද සහ අවසාන චිත්රපටයද මෙය ලෙස නම් කර ඇත.