හොලිවුඩ් නිළි ජෙනිෆර් ඇනිස්ටන් තමන්ගේ ස්වාමියා වූ ජස්ටින් තොරොක්ස්ගේ අල්මාරිය වෙනස් කිරීම මේ වනවිට පුවතක් බවට පත් වී ඇත. ඒ තමන්ගේ ස්වාමියා අඳිනා ඇඳුම් පිළිබඳව මෙන්ම ඇඳුම් තබා ඇති පිළිවෙළ පිළිබඳවද ඇය තුළ පවත්නා බලවත් අකමැත්තය. විශේෂයෙන්ම ඔහුගේ ඇඳුම් තෝරා ගැනීම පිළිබඳවද විවේචනාත්මක මුහුණුවරකින් දකින ඇනිස්ටන්, වර්ණය කෙරේ තම ස්වාමියා එතම් උනන්දුවක් නොදක්වන බව පවසයි. එසේම ඇඳුම් අල්මාරියේ වර්ණයද අලුත් කර ඇති ඇය, ඊට ආකර්ෂණීය පෙනුමක් ලබා දී ඇති බැව් වාර්තා වෙයි. ඒ අනුව මේ වනවිට ඇනිස්ටන්, තමන්ගේ විලාසිතා පිළිබඳ අවබෝධය මනාව ප්රයෝජනයට ගනිමින් සම්පූර්ණයෙන්ම තොරොක්ස්ගේ විවාහ ජීවිතය වෙනස් කරමින් සිටින බැව් හොලිවුඩ් වාර්තා සඳහන් කරයි. එහෙත් ඔවුන් විවාහ වී තවමත් ගත වී ඇත්තේ මාස අටක් පමණි.