සාගර නිරික්සුම් නැව් ඉන්දියාවෙන් : ඇමැති රුවන් ඉදිකිරිම් පිරික්සයි


ගැඹූරු මුහුදු ප්‍රදේශ නිරික්ෂණය කිරිමේ අධි තාක්ෂණික උපකරණ සහිත නෞකාවන්හි ඉදිකිරිම්  ප්‍රගතිය නිරික්ෂණය සඳහා  ආරක්ෂක රාජ්‍ය  ඇමැති රුවන් විජයවර්ධන මහතා  ඉන්දියාවේ  ගෝව නැව්  තටාකාංගණයේ  පසුගියදා  විශේෂ චාරිකාවක නිරත විය.

ගෝව නැව්  තටාකාංගණයේ සභාපති  හා  කළමනාකාර  අධ්‍යක්ෂක විශ්‍රාමික රියර් අද්මිරාල් ශේඛර් මිටල්  හා  තටාකාංගන නිලධරයෝ ආරක්ෂක රාජ්‍ය  ඇමැති  ඇතුළු පිරිස පිළිගත්හ. ශ්‍රී ලංකා නාවික හමුදාවට  අලුතින්ම එක්වීමට  නියමිත නෞකාවන්හි  ඉදිකිරිම්  ප්‍රගතිය නිරික්ෂණය කළ ඇමැති  නිලධරයන් සාකච්ජාවක් ද පැවැත්විය.

මෙම අධි තාක්ෂණික නෞකාවන්ගෙන්  එක් නෞකාවක්  2017 අගෝස්තු  මාසයේදීත් ,අනෙක්  නෞකාව 2018 වසරේදීත්  ශ්‍රි  ලංකා  නාවික හමුදාවේ  නෞකා බළ ඇණියට ලබාදිමට  නියමිතය.

ආරක්ෂක ලේකම්  කරුණාසේන හෙට්ටිආරච්චි , යුද හමුදාපති ලුතිනන්  ජනරාල්  ක්‍රිෂාන්ත ද සිල්වා  සහ ශ්‍රී ලංකා  නාවික හමුදාවේ  ජ්‍යෙෂ්ඨ නිලධරයෝ පිරිසක් ද මෙම අවස්ථාවට  එක්වුහ. 

12896210_10209258187998124_1224838633_o 12896268_10209258188038125_1382628314_o 12910519_10209258188078126_1883216538_n 12919359_10209258187958123_1918844103_o