සායිෆ්, කරීනා ලන්ඩන් යයි


2016-08-23-ent-46

ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු යුවළක වන සායිෆ් අලී ඛාන් හා ඔහුගේ බිරිඳ කරීනා කපූර් ඛාන් දෙදෙනා පසුගිය සති අන්තයේදී එංගලන්තයේ ලන්ඩන් නගරය වෙත හදිස්සියේ ගොස් ඇති බවට "සන්ටා බන්ටා" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. ඔවුන් දෙදෙනා මෙසේ ලන්ඩන් ගොස් ඇත්තේ දෙසැම්බර් මාසයේදී සිය නිවසට එන සිඟිත්තා වෙනුවෙන් සෙල්ලම් බඩු මිලදී ගැනීම සඳහායි බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ලැබෙන තොරතුරු වලට අනුව සායිෆ් හා කරීනා දෙදෙනාට ලන්ඩන් නගරයට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත්තේ සායිෆ්ගේ මිතුරෙකු වන අතර, ඔහු ළමා සෙල්ලම් බඩු සාප්පු කිහිපයකම හිමිකරුවෙකු බවද සඳහන්. එමෙන්ම සායිෆ් හා කරීනා දෙදෙනාට "රෝයල් කපල්" (විලියම් හා කේට්) දෙදෙනාගෙන්ද සංග්‍රහයකටද ඇරයුම් ලැබ තිබුණ බවද මෙහි තොරතුරු දැක්වෙනවා.