2017 වසරේ පෙබරවාරි 17 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත "රැන්ගෝන්" චිත්‍රපටයේ රූපගත කිරීම් මේ දිනවල සිදුවෙයි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සායිෆ් අලී ඛාන් හා ෂාහිඩ් කපූර් දෙදෙනාය. වසර කිහිපයක් තිස්සේ අමනාපකමකින් පසුවෙන මොවුන් දෙදෙනා මෙම චිත්‍රපටය නිසාම හොඳ හිතමිතුරන් වී ඇති බව සඳහන් වෙයි. මෑතකදී පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් සායිෆ් පවසා තිබුණේ, ෂාහිඩ් සමග තමා එදා සහ අදද ඉතා හොඳ හිතවත්කමක් පවත්වාගෙන යන බවයි.
කෙසේ වෙතත්, මොවුන් දෙදෙනා අතර අමනාපකම් හටගෙන තිබුණේ මීට හය වසරකට පෙරය. ඒ ෂායිඩ්ගෙන් වෙන්ව කරීනා සායිෆ් සමගින් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමත් සමගය. එහෙත්, සායිෆ් මෑතකදී එක්වූ පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ, එදා මෙන්ම අදද ෂාහිඩ් කපූර් තමාගේ ඉතා හොඳ මිතුරෙකු බවයි.