සාලාව කඳවුරේ ගොඩනැගිලි මුළුමනින්ම පාහේ විනාශවී ඇත. පුපුරා ගිය විවිධ ප්‍රමාණයේ උණ්ඩ තැන තැන ගොඩගසා තිබේ. එහෙම විනාශයක් යුද බිමේදීවත් දුටුවේ නැතැයි මාධ්‍යවේදියකු කීවේය. ඔහු යුද සමයේ උතුරට ගිය අයෙකි.
ඇතැම් ගොඩනැගිලිවල ඉතිරිවූ බිත්ති පිළිස්සී කළු පැහැ ගැන්වී තිබිණි.
කඳවුර අවට ගස්වල කොළ නැත. පොල් ගස්වල ඇත්තේ කඳ පමණි.
කාන්තාරයකත් එවැනි ලක්ෂණ නැති බව පෙනේ. සෙබළු ලහි ලහියේ සාලාව කඳවුර ඉදිරිපිට තහඩුවලින් ආවරණයක් සකසාගෙන යති.
ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි