සාලාව දරුවන්ට අලුතින් පොත්පත්


සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් නිවාස 384ක් සම්පූර්ණයෙන් හානිවී ඇතැයි ද 300ක් අර්ධ හානියට පත්ව ඇතැයිද අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

සාලාව ගම්වාසීන්, යුද හමුදාව හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර අද පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව කී අතර හානියට පත් නිවාසවල දූ දරුවන්ට පාසල් උපකරණ ලබාදීමටද අද කටයුතු කැරිණි.

පැතිර යන කටකථාවලට නොරැවටෙන ලෙසත් මිය ගියේ එක් අයකු පමණක් බවත් යුද හමුදාව පැවසීය.