මේ වනවිට පෙම් සබඳතාවයක් පවතින ජනප්‍රිය චිත්‍රපට නිළි සැන්ඩ්‍රා බුලොක් සහ ඡායාරූප ශිල්පී බ්‍රයන් රැන්ඩල් විවාහ නොවිය යුතු බවට පසුගිය සතියේ ඇගේ මවගෙන් ඇයට නියෝගයක් පැමිණ තිබේ. මේ වනවිටත් පණස් එක් හැවිරිදි වියේ පසුවන ඇයගේ පෙම්වතාගේ වයස අවුරුදු 50කි. කෙසේ නමුත් ඇගේ මව මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් මිය යන තුරු සැන්ඩ්‍රා බුලොක් විවාහ නොවිය යුතු බවයි.
විශේෂයෙන්ම බ්‍රයන් රැන්ඩල් සමගින් විවාහ නොවිය යුතු බව පවසන ඇගේ මවගේ අදහස තවමත් සැන්ඩ්‍රාගේ පෙම්වතා සිටින්නේ මත්ද්‍රව්‍ය නිසා නැවත පුනරුථාපනය වන කාල පරිච්ඡේදයක බවය. එහෙත් ඔහුට මෙම චෝදනාව පැවැතියේ අනූව දශකයේදීය.