ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර්ගේ බිරිඳ මීරා රාජ්පූත් මේ වනවිට ගැබිණියක්ව සිටින බව බොහෝ දෙනෙකුට රහසක් නොවේ. දින කිහිපයකට පෙර ඉන්දීය සිනමා වෙබ් අඩවියක් වූ "කෝයි මෝයි" වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ සැප්තැම්බර් මාසයේදී ෂාහිඩ් හා මීරාට දාව දරුවා ලැබීමට නියමිතව ඇති බවය. මීරාගේ ඥාතීන් සිටින ඉන්දියාවේ, බැංග්ලෝර් නගරයේ ප්‍රකට වෛද්‍යවරයෙකු වූ මල්වින්දර් සිං කරන ලද පරික්ෂණ වලදී මේ බව හෙළිවී ඇති බව මෙම වෙබ් අඩවිය සඳහන් කර සිටියි. මේ පිළිබඳව මාධ්‍යය දැනුවත් කරමින් ෂාහිඩ් කපූර් පවසා ඇත්තේ සැප්තැම්බර් මාසයේදී තම උපන් දරුවා වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්නට බලාපොරොත්තුවෙන් පසුවන බවය. කෙසේ වෙතත්, ෂාහිඩ් කපූර් රංගනයෙන් දායක වන "රැන්ගොන්" චිත්‍රපටය ඔක්තෝම්බර් මුල් සතියේදී ප්‍රදර්ශනය වීමට නියමිත අතර, බොහෝ දුරට ෂාහිඩ් එම චිත්‍රපටයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවය. ෂාහිඩ් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ "උද්තා පන්ඩාබ්" චිත්‍රපටයේ ප්රචාරක කටයුතු වලට සම්බන්ධ වී සිටින අතර, "උද්තා පන්ජාබ්" චිත්‍රපටය ජූනි 17 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.