සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය බලන්න යු.එන්.ඒ නිලධාරීන්ට අවසර


යුක්රේනයේ සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය පරික්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ට අවසර ලබා දීමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් අතර පැවති දුරකථන සාකච්ඡාවකින් පසුව සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය පරික්ෂා කිරීමට අවසර ලබා දීමට ජනාධිපති පුටින් තීරණය කළ බව විදෙස් පුවත් පවසයි.

න්‍යෂ්ටික බලාගාරය අසලදී සිවිල් වැසියන් හතරදෙනකු රුසියනු ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ බවට යුක්රේනය චෝදනා කළේය.