සැබෑ ජනමාධ්‍යවේදියෙකුට දැයේ හරසර


ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කතෘවරයෙකු වූ දුෂ්‍යන්ත සමරසේන මහතා දහස් ගණන් සහෘදයන්ගේ සෝ සුසුම් මැද අද (03) බැද්දගාන  පොදු සුසාන භූමියේ දී අවසන් ගමන් ගියේය.

ලංකාදීප කන්තෝරුවේ සිට ගෙදර යන ගමන් හැමදාම වාගේ පසුකරගෙන ගිය බැද්දගාන සුසානයට ඔහු අද ඇතුළු වූයේ එහි යන බව නොදැනය. එහෙත් අව්‍යාජ හා අවංක පුවත්පත් කලා වේදියෙකු වූ ඔහු නිතරම කියා සිටි දෙයක් වූයේ කවදා හෝ මැරෙන මිනිසුන් වන අපි හොර බොරු නැතිව රටට ගමට වැඩ කළ යුතු බවයි.

බිරිය මානෙල් මිය ගොස් දස වසරකට පසුව ඔහු ද නොඑන ගමන් ගියේය. සෙනුරිට හා ගිම්හානිට වරෙක මවකද වරෙක පියෙකුද වූ ඔහු  දරුවන්ද රැක බලාගෙන ලොකු මහත් කරමින් සිය පත්තර කලා ජීවිතය නොපිරිහෙලා ඉටු කළේය.

_MG_0498

_MG_0591

_MG_0660 _MG_0823 _MG_0866 _MG_0878 IMG_0574

ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද