සිනමා ශිල්පියෙක් සමුගනී


ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයකු, නිෂ්පාදකයකු හා කැමරා ශිල්පියකු වන එස්.එම්.ආනන්ද මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 83 වැනි වියේ පසුවිය.

ඒ මහතා අධ්‍යක්ෂණය කළ ‘චණ්ඩි ශ්‍යාමා‘ චිත්‍රපටය හරහා ඔහුගේ දියණිය ශ්‍යාමා ආනන්ද ද ප්‍රධාන නිළියක් ලෙස ඉස්මතුවූවාය.

සිංහල සිනමාවේ ජනප්‍රිය චිත්‍රපටයක්වූ ‘සත පනහ‘ චිත්‍රපටය ද ඔහුගේ නිර්මාණයකි. ගොලු හදවත, නිධානය, ගැහැණු ළමයි, මඩොල් දූව ඇතුළු චිත්‍රපට ගණනාවක කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේද එස්.එම්.ආනන්ද මහතාය.