සින්ඩි මැකේන් - ජුලී චන්ග් දළදා සමිඳු වැද පුතා ගනිති


(විමුක්ති එස් රුද්‍රිගු)

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා තානාපති සින්ඩි මැකේන් මහත්මිය අද (27) ලෝක සංචාරක දිනයේදී දළදා සමිඳු වැඳ පුදා ගැනීමට පැමිණියාය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මියද සහභාගී වූවාය.

වැඳපුදා ගැනීමෙන් අනතුරුව පැරණි මාළිගය නැරඹීමටද ජුලී චන්ග් මහත්මිය සහ සින්ඩි මැකේන් මහත්මිය අමතක නොකළාය.

එහිදී මැකේන් මහත්මියගේ සංස්කෘතික සංරක්ෂණ අරමුදල සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය එක්ව කෞතුකාගාරය වැඩි දියුණු කිරීමටත්,පැරණි මාළිගයේ කොටස් ප්‍රකෘතිමත් කිරීමටත් සහාය වන බව ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.