සිරදඩුවම් විදින රන්ජන් ‘ද ගේම්’ බලයි


(යොහාන් භාසුර)

‘ද ගේම්’ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟපාන වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී අද (19) එම චිත්‍රපටිය නැරඹීමේ අවස්ථාව හිමිවිය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ ‘ද ගේම්’ චිත්‍රපටියේ අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යංශයේ අනුමැතිය මත රාමනායක මහතාට එම අවස්ථාව දුන් බවයි.  

(ඡායාරූප: ළහිරු හර්ෂණ)