සුව අමාත්‍යංශයට තවත් ඩී.ජී. කෙනෙක්


සෞඛ්‍ය අමාත්‍යංශයට තවත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමට එරෙහිව අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල,  නියෝජ්‍ය අධ්‍යක්ෂවරු හා රෝහල් අධ්‍යක්ෂවරු සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට ලිපියක් මගින් කරුණු දැක්වූහ.

අමාත්‍යංශයේ මුදල් කටයුතු බාරව තවත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමට මුදල් අමාත්‍යංශවයේ අනුමැතිය දී ඇතැයි දැනගන්නට තිබේ. රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය ද මෙම පත් වීමට එරෙහිව විරෝධය පළ කරයි.