මේ වීඩියෝවෙ තියෙන්නෙ හරිම සරල කාරණාවක්. මේ චිත්ර ශිල්පියා කොළයක් ගුලි කර එය සුදු කොළයක් මතින් තබා ඒ ගුලි කළ කොළයේ සෙවණැල්ලක් වැටෙන්නට සලස්වනවා. ඉන්පසු ඔහු ඒ ගුලි කළ කොළය හරව හරවා එහි සෙවණැලි අඳින්නේ ඉතාමත් වේගවත්වයි. ඔබ නොදැනුවත්වම එහි මිනිස් මුහුණු බොහොමයක් දැකිය හැකිවෙනවා. එය පවසන්නේ ඔහුගේ විශේෂ හැකියාවක් සේම ඒ සෙවණැලි අතරේ ඔහු දුටු මුහුණු අප නොදුටු බව නේද? උත්සාහ කර බලන්නට වටින වැඩක්.
රචින්ත ජයවර්ධන