සේවක කප්පාදුව නවතනු:බලාගාරය නොවිකුනනු


(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්. චන්දන)

නොරෝච්චෝල ලක්විජය බලාගාරය විකිණිමට හා එහි සේවකයන් බහුතරයක් ඉවත් කිරීමට රජය ගෙන ඇති තිර්ණයට විරෝධය පා ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි වෘත්තිය සමිති රැසක සාමාජිකයන් දහසකට ආසන්න පිරිසක් ලක්විජය බලාගාරය ඉදිරිපිටට අද දහවල් විරෝධතාවයක නිරත වුහ.

මෙම විරෝධතාවයට ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති 30 ක පිරිස් මේ සදහා එක්විය.

ඒ සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ කළමණාකාරු නාලක විජයකොන් මහතා ඇතුළු බලාගාර කාර්ය මණ්ඩලය ද  එක්ව සිටියේටත.කළු කොඩි ඔසවා විරෝධතාවයට එක්ව තිබු අතර ලක්විජය බලාගාරය අවට කළු කොඩි ප්‍රදර්ශනය කිරීමද දැක ගත හැකි විය.

දහවල් කැම පැය තුළ මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනී.