හංවැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට


(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හංවැල්ල හරස් පාර ආපන ආපනශාලාවක හිමිකරුවකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු  සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 46ක පුද්ගලයෙකි.

යතුරු පැදියකින් ආ දෙදෙනකු  ආපන ශාලාව තුළදීම මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර බරපතල තුවාල සහිතව ඔහු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

පිස්තෝල ගිනි අවිකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

හංවැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.