තණමල්විල හම්බෙගමුව සිදුකළ දෙදිනක වැටලිමකදි කංසා හේන් කීපයක් හා සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට හැකිවු බව පානදුර වලාන විශේෂ දූෂණ මර්දන ඒකකය පවසයි.
තණමල්විල හම්බෙගමුව උණකන්දේ වතුර බට යොදා හෙල්මලු ක්රමයට වගා කර තිබු අක්කර හයක ගංජා හේන් හතරක් ද පැල තවාන් කීපයක්ද සොයාගත් බවත් කියති. මාණ්ඩලික නියොජ්ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, වලාන ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී ඩි.ජී.අයි. රොෂාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ප්රධන පොලිස් පරික්ෂක බාලසුරිය හා අපපොලිස් පරික්ෂක සරත් ධර්මසිරි මහතා ඇතුළු පිරිසක් වැටලිම කළහ.