හමුදාවෙන් පැනගිය 20000ක් එළියේ


පැදුරටත් නොකියා යුද හමුදාවෙන් පැන ගිය 19596 දෙනකු තවමත් එළියේ සිටින බවත් නීත්‍යනුකූලව ඔවුනට සේවය හැර යාම සඳහා වන සමා කාලය බදාදා (13) අවසන් වන බවත් ඉන්පසු ඔවුන් අත්අඩංගුවට ගන්නා බවත් වැඩ බලන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියයි.

එසේ හමුදාවෙන් පැනගිය පිරිස අතර යුද හමුදාවේ 11847 දෙනෙක් ද, නාවික හමුදාවේ 679 දෙනෙක් ද, ගුවන් හමුදාවේ 525 දෙනෙක් ද වන බව වැඩබලන හමුදා ප්‍රකාශකවරයා පවසයි.

නිවාඩු නොලබා සේවය හැරගිය සෙබළුන් 32647 දෙනකු සඳහා ජූනි 13 සිට ජූලි 13 දක්වා පොදු සමා කාලයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කැරිණි.