හලාවත ත්‍රිත්ව ඝාතනයේ රහස හෙළි වේ


(නන්ද එස්. ඒකනායක)

හලාවත සිංහපුර ව්‍යාපාරික නිවෙසක ඝාතනයක් සහ සිය දිවි නසාගැනීමක් බවට ඒ පිළිබඳව හලාවත මහ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත.

ඒ අනුව  කාන්තාවන් දෙදෙනාගේ ගෙල කපා මරාදමා පියා ගින්නට පැනීම නිසා පිලිස්සී මියගොස් ඇති බවට ෙහලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ,ඉලංගරත්න බන්ඩා මහතා පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිදරව් වී ඇත.

හලාවත - සිංහපුර , දෙමහල් නිවසක් පසුගිය 20 වෙනිදා අලුයම ගිනිගැනීමෙන් එකම පවුලේ මව , පියා හා දියණිය මරණයට පත්විය.

ඒ සිද්ධිය පිළිබදව හලාවත පොලීසිය විසින් මෙය මිනී මැරුමක්ද නැතහොත් දිවිනසා ගැනීමක් ද යන්න පිළිබඳව සිදුකරන ලද විමර්ශන වලදී සැකය මියගොස් සිටි ගෙහිමියා දෙසට යොමු වි තිබූ අතර  මේ පිළිබඳව හලාවත මහ රෝහලේ දී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙදී එම සැකය තහවුරුවී ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව මෙය ද්විත්ව මිනීමැරුමක් හා සියදිවි නසා ගැනුමක් බවට හෙළි දරව්වී ඇත.