හිටපු ජනපති ගෝඨාභය යළි පැමිණෙයි


(ටී.කේ.ජී.කපිල, යොහාන් භාසුර,අංජුල මහීක වීරරත්න සහ ළහිරු හර්ෂණ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට මැතිඇමතිවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ ඔවුන් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණි .