සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසම විසින් පැවරූ නඩු 3ක් අද (25) විභාග විය.
2014 නොවැම්බර් 17 සිට 2014 දෙසැම්බර් 10 දක්වා කාලයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ප්‍රවර්ධනය සඳහා පෞද්ගලික අංශය සමඟ ඇති කර ගත් ගිවිසුමක් නිසා රජයට රුපියල් මිලියන 23 ක අලාභයක් කළැයි මොහුට එම නඩු පවරා ඇත.
එහිදී චෝදනාකරුට එක් නඩුවකට රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් බැගින් ඇප නියම කළ අතර විදේශ ගමන් තහනම් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
චෝදනාකරු චෝදනාවන්ට නිවැරදිකරු යැයි පැවසූ බැවින් නඩුව නොවැම්බර් 25 වැනි දින නැවත විභාග කරන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.