විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ සිය ගල්කිස්සේ නිවසේ උඩුමහළින් වැටී මිය ගිය බව කළුබෝවිල රෝහල් ආරංචි කියයි.
ඔහු රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව වාර්තාවේ.
කළුබෝවිල හදිසි මරණ පරීක්ෂකවරයා ස්ථාන පරීක්ෂණයකට යෑමට නියමිතය.
නිවසේ මෙහෙකාරියට හිංසා කිරීම හා බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවලට සැකපිට ආබෲ අධිකරණයට බාරවීමෙන් පසු ඇප මත මුදා හරිනු ලැබ සිටියේය.
2015 ජුලි 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්මලානේදී ඇය අපයෝජනය කළ බවට විත්තිකාර කළුහත් ආනන්ද සරත් ද ආබෲට එරෙහිව දණ්ඩ නීතී සංග‍්‍රහයේ 365 අ 2 වැනි වගන්තිය යටතේ නීතීපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබිණි.
(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
(ඡායාරූප - පින්සිරි ආරියරත්න)