හිමි නම සොයා හිමිවරුත් හමුදාව සමඟ


යුද හමුදාවේ 583 වැනි බළකාය පඹහින්න හා බලංගොඩ පොලිසි ද සරසවි සිසුන්ද, ගැමියන් ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරීන්ද ඇතුළු පිරිස් සමඟ  අද උදේ සිට බලංගොඩ පරෙයියංගල කන්දේ මෙහෙයුමේදී නියඳගල ආරණ්‍ය සේනාසනය පිහිටි ගල් ගුහායේ මුදුණ සොයා ගත්තේය.

බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ මෙහෙයවීම යටතේ සෙබළු 150 දෙනෙක් පමණ මේ මෙහෙයුමට එක්ව සිටිති.

බර යන්ත්‍ර කිසිවක් එම කන්දට රැගෙන යෑමට නොහැකි නිසා ඔවුහු අලවංගු, ශවල්, කූඩා වැනි උපකරණවලින් පස් ඉවත් කරති.

ගල් ගුහාව අඩි තිහක පමණ පස් කන්දකින් යට වන්නට ඇතැයි හමුදාව අනුමාන කරයි.

දැනට ඇති තොරතුරඅනුව ගල් ලෙනේ සිටි හිමියන්  වැඩ සිටි කුටිය සොයා ගැනීමට සෑහෙන කාලයක් ගතවෙතියි කියති.

14(7) 15(10) 16(7) 18(2) 20(8) 21(4) 22(3) 23(3) 24(2) 27(1) DSC08935 DSC08940 DSC08942 DSC08943 DSC08944 DSC08946 DSC08947 DSC08948 DSC08950 DSC08951 DSC08962 DSC08965 DSC08966