හිමිනමගේ දස ලක්ෂයකටත් අරී


ගල්නෑව පන්සලකදී හිමිනමක (38) මත්කොට  අස්වාභාවික ලිංගික ක‍්‍රියාවලියකට පොළඔවා එම දර්ශන වීඩියෝගත කර රුපියල් දස ලක්ෂ විසිපන්දහසක කප්පම් මුදලක් ලබාගත්තේ යැයි කියන පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය කියයි.

හිමිනම බියගන්නවා පළමුව රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලක් සැකකරුවන් විසින් ලබාගෙන ඇතැයි කියති. පසුව තවත් දෙවතාවකදි රුපියල් ලක්ෂ නවයක මුදලක් සැකකරුවන් ලබාගෙන ඇති බවත් පසුගිය විසිතුන්වැනිදා තවත් රුපියල් ලක්ෂ හතක මුදලක් ලබාදෙන ලෙසට මෙම සැකකරුවන් හිමිනමට තර්ජනයකර ඇති බවට පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.