මීට වසර අටකට පෙර මිය ගිය ජනප්‍රිය හොලිවුඩ් නළු හීත් ලෙජර් ජීවිතක්ෂයට පත්වීමට පෙර කියූ අවසන් වචන කිහිපය පසුගිය සතියේ හෙළිදරවු කෙරිණි. ඒ අනුව හීත් ලෙජර් විසින් තම පියා වන කිම් වෙත පවසා ඇත්තේ ලෙජර්ගේ මරණය සම්බන්ධ වගකීම අන් කවරකුටවත් නොපවරන ලෙසත් එහි වගකීම ලෙජර් විසින්ම බාරගන්නා බවත්ය. ඔස්කාර් සම්මානලාභී නළුවකු වන ඔහු,මරණාසන්න මොහොතේදී තවදුරටත් පවසා ඇත්තේ දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තමන් ඒ ගැන සැළකිළිමත් නොවීමෙන් තමන්ට මෙම ඉරණම අත්වූ බවයි. 2008 වසරේ ජනවාරි මස 22 වැනිදා මියගිය හීත් ලෙජර් මිය යන විට 29 වන වියටත් එළඹ නොසිටියේය.
මාලන් විදානපතිරණ