එඩ්වඩ් හෙන්දි පේදිරිස් පරපුර ජාතික වීරවරයෝ බිහි කර රට ජාතිය වෙනුවෙන් කළ සේවය අදටත් අපේ සමාජය භූක්ති විදනවා යැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද (07) හැව්ලොක්ටවුන් හි ඉසිපතන මංසන්ධියේ දී 101 වැනි එඩ්වඩ් හෙන්රි පේදිරිස් ගුණ සමරුව අමතමින් කීවේය.
‘හිටපු පාලකයන්ට ඔහු අභියෝගයක් වුණා. එම නිසා හෙන්රි පේදිරිස් මැතිතුමා සුදු අධිරාජ්‍යවාදීන්ගේ රුදුරු වෙඩි උණ්ඩයට යට වුණා.’ අපේ රටේ නිදහස් සටනට සුවිශේෂි දායකත්වයක් දුන් එඩ්වඩ් හෙන්රි පේදිස් මහතා එතුමා ජන නායකයකු සේ සටන් වලට නායකත්වය දුන් බවයි.
ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වු අතර නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන හා එඩ්වඩ් හෙන්රි පේදිස් ගුණානුස්මරණ සමිතියේ සභාපති අනුර බැස්ටියන්ස් මහතා ද සහභාගී වුහ.
ජායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක
ජායාරූප - එස්. සුදර්මන්