හේනේගම විභාග ශාලාධිපති ඉවතට


උසස් පෙළ විභාගය ඇරැඹෙන දිනයේම සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රය පැයක් ප්‍රමාද වී ලබා දුන් බව කියන හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග ශාලාධිපති අද විභාගය අවසන් වූ වහාම ඉවත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිම් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා ලංකාදීපයට පැවසීය.

ප්‍රමාදය සිදුවී ඇත්තේ ශාලාධිපති රාජකාරියට වාර්තා කිරීමට ප්‍රමාද වී තිබුණු නිසා බවත්, 11.30ට අවසන් වීමට නියමිත විභාගය එම සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි දහවල් 12.30 වන තෙක් පවත්වන බවත්, ශාලාධිපතිවරයාගේ වගකීම් විරහිත ක්‍රියාව ගැන කණගාටු වන බවත් කොමසාරිස්වරයා කීවේය.


උසස් පෙළ ඇරැඹෙයි : හේනේගම ප්‍රශ්න පත්‍ර පැයක් ප්‍රමාදයි

2016 අගෝස්තු මස 02 10:08:30 | තරිඳු ජයවර්ධන

 අදහස්(4)  බැලූවෝ (1237)

 

 

 

අද ආරම්භ වූ උසස් පෙළ විභාගයේ සංයුක්ත ගණිතය පළමු වැනි ප්‍රශ්න පත්‍රය හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග අපේක්ෂකයන්ට ලබා දී ඇත්තේ පැයක් පමණ ප්‍රමාද වී බව එහි ආරංචි කියයි.

ප්‍රශ්න පත්‍රය ආරම්භ වීමට නියමිතව තිබුණේ පෙරවරු 8.30ට පමණ බවත්, 9.30 වන විටත් ප්‍රශ්න පත්‍රය ලබා දී නොතිබුණු බවත් එම ආරංචි සදහන් කරයි.

මේ ගැන කළ විමසීමක දී විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කීවේ එම විභාග මධ්‍යස්ථානයේ අපේක්ෂකයන්ට අසාධාරණයක් නොවන පරිදි කාලය ලබා දෙන බවයි.