වර්තමාන සිනමාවේ ජනප්රියම නළුවා ලෙස මෑතකදී සම්මානයට පාත්රවූ හේමාල් රණසිංහ ප්රධාන චර?ිතය රඟපාන "ආදරණීය කතාවක්" චිත්රපටය සඳහා ලැබෙන ප්රේක්ෂක ප්රතිචාරය විශිෂ්ටය. ඇතැම් සිනමාහල් "හවුස් ෆුල්" වන තරමටම සිනමාහල් කරා ප්රේක්ෂකයින් ඇදී එති. ඒ ගැන සිනමා ක්ෂේත්රයට ළැදි කවුරැත් ඉන්නෙ දැඩි සතුටකින්.
ඒත් චිත්රපටයේ ප්රධාන චරිතය රඟපාන හේමාල් නම් ඉන්නෙ දැඩි කණස්සල්ලෙන්. ඒ චිත්රපටය බලන්න දස දහස් ගාණකින් සෙනඟ එන නිසා නෙවෙයි, මෙවැනි සාර්ථක නිර්මාණයකට දායක වෙලත් එය දරා ගන්න බැරි ඇතැමුන් කරනා කකුලෙන් අදින වැඩ නිසාලු. චිත්රපටයේ කතාවට අදාළව යම් යම් දර්ශන තිබුණත් ඒවා සමාජයට අහිතකර ඒවා නොවන බව ඔහු කියනවා.
කතාව ඇත්ත. දුම්බීමේ, මත්පැන් පානයේ ආදීනව ගැන කියන දෙබස් භාණ්ඩ මිස ඒවාට රැකුල් දෙන දෙබසක්වත් චිත්රපටයේ නැහැ. එහෙම තිබියදීත් මේ චිත්රපටයට අකුල් හෙලන අය ගැන හේමාල්ට තියෙන්නෙ දැඩි කලකිරීමක්ලු. දැන් ඔහුට හිතෙනවලු සිනමාව අතහැරලා වෙන ක්ෂේත්රයකට සම්බන්ධ වෙන්න. අපිට කියන්න තියෙන්නෙ මෙච්චරයි. "හේමාල් ඔබ අපේ සිනමාවට සම්පතක්"